නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ, සයින්දුමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි පැකට් 10 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගිණිකොණ නාවික විධානය සහ කල්මුණේ, පොලිස් අධිකාරි කාර්යාලය එක්ව කල්මුණේ, සයින්දුමරුදු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 10 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි.

එහි දුම්වැටි 200 ක් තිබී සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 30 සහ 31 වන වියෙහි පසුවන සයින්දුමරුදු සහ මලෙයිකාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයින් සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු කල්මුණේ, පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කරනු ලබයි.

තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.

Read more

Local News