තනතුරු නාම සංශෝධනයක් කෙරේ

Share

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු දරණ 4766 දෙනෙකුගේ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව අදාල සංශෝධන සිදු කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එම තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමේදී ඒ සඳහා අයදුම්පත් කරන සංඛ්‍යාව ඇබැර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම අගයක් තිබිම සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් පසු ඒ සඳහා හේතු වූ කරුණු පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

ඒ අනුව පාසල් කම්කරු නතතුර සේවා සහයක ලෙස ද සනීපාරක්ෂක කම්කරු තනතුර සේවා සහයක සනීපාරක්ෂක ලෙස ද මුරකරු තනතුර සේවා සහයක ආරක්ෂක ලෙසද අදාල නාමයන් සංශෝධනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News