අපි ඕනෑම ඡන්දයකට සූදානම් – මහින්ද

Share

තමා අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බව විපක්ෂනායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(04) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වුවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන ජාතික සම්මේලනය සඳහා ආරාධනා නොලැබූ බව විපක්ෂනායකවරයා පැවසීය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඕනෑම ඡන්දයකට සූදානම් බවයි.

Read more

Local News