කැබිනට් මණ්ඩලය තුළ සිටින පුද්ගලයින් සියලු දෙනා සිංහයින්

Share

ජනාධිපති මැතිවරණයකයට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(05) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය සහ ජනපති අපේක්ෂකයා පත් කිරීම එකට සිදු විය යුතු බවයි.

මේ අතර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ සිටින පුද්ගයින් සියලු දෙනා සිංහයින් බවත් කැබිනට් මණ්ඩලය තුළ තීරණ ගනු ලබන්නේ සංවාද කරමින් බවත් අමාත්‍ය ම‍නෝ ගනේෂන් මහතා පැවසීය.

Read more

Local News