අපරාධ රැසකට සම්බන්ධ අයෙක් රත්ගම දී අත්අඩංගුවට

Share

රත්ගම, කඳුරැස්ස ප්‍රදේශයේදී අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් ද සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිසියම් අපරාධයක් සිදු කිරිම සඳහා සූදානම්ව සිටි අදාල සැකකරු රත්ගම විශේෂ කාර්යය බලකා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බූස්ස, කදුරුපේ, මීදගල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ගාල්ල, බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ඉන්ධන හලකින් මුදල් කොල්ලකෑම, ගාල්ල, සිදුරුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් හා මුදල් කොල්ලකෑම, ගාල්ල, විස්කම් මාර්ගයේදී පුද්ගල ඝාතනයකටඋත්සහ කිරිම යන චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

Read more

Local News