මැකාවෝ රාජ්‍ය මෙරටට පනවා තිබූ සංචාරක අවධානම ලිහිල් කරයි

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මැකාවෝ රාජ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක අවධානම ළිහිල් කිරීමට කටයුතු කර තිබේ.

මැකාවෝ හි සංචාරක අර්බුද කළමනාකරණ කාර්යාලය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් සංචාරක අවධානම පළමු මට්ටම දක්වා පහළ දැමූ බවයි.

කෙසේ වෙතත් දැනටමත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන හෝ සංචාරය කිරීමට අපේක්ෂා කරන මැකාවෝ වැසියන් තම පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත් ශ්‍රී ලංකාවේ තත්ත්වයන් සමීපව අධ්‍යනය කරන බවත් මැකාවෝ රජය පවසයි.

Read more

Local News