කැබ් රථයක යතුරු පැදියක් ගැටී අනතුරක් – අයෙක් මරුට

Share

කළුතර මතුගම මාර්ගයේ පාන්තිය අදාහනාගාරය අසල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි මීගහතැන්න, කපුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News