යුද සමයේ තමිල්නාඩුවට ගිය 27ක් යළි මෙරටට එයි

Share

මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට පසුගිය යුද සමයේ දි මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වු සරණාගතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

බන්ධනාගාර හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමණියේය.

27 දෙනෙකුගෙන් සමන්විත මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු හා ළමුන් 6 දෙනෙකු ඇතුලත් වෙයි.

Read more

Local News