කොළඹ ගංවතුර පාලනයට භූගත උමං මාර්ග ‌2ක් (ඡායාරූප)

Share

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් භූගත උමං මාර්ග දෙකක ඉදිකිරීම් ඊයේ (05) ආරම්භ කළේය.

නව මුතුවැල්ල සහ ටොරින්ටන් උමං මාර්ග ලෙස නම් කර ඇති ප්‍රධාන භූගත උමං මාර්ග දෙකේ ඉදිකිරීම් චීන ඛනිජ තෙල් නල ඉංජිනේරු සමාගම (CPPE) විසින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මීටර් 778 ක නව මුතුවැල්ල උමඟ කොළඹ ගංවතුර අවදානමට ලක්ව ඇති වඩාත් ජනාකීර්ණ ප්‍රදේශ හරහා දිවෙන අතර එමගින් අනාගත ගංවතුර වැළැක්වීම සඳහා වැසි ජලය මුහුදට රැගෙන යාමට නියමිතය.

කිලෝමීටර් 4.3 ක ටොරින්ටන් උමග මගින්ද ගංවතුර වැළැක්වීම සඳහා වැසි ජලය සාගරයට ගෙන යනු ඇත.

“බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු උතුරු කොළඹ ප්‍රදේශයේ ගංවතුර අවම කිරීම සඳහා වූ පළමු උමං මාර්ගය මෙයයි” යැයි මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

චීන සමාගම සඳහන් කරන්නේ මෙම උමං ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ජනතව වෙනුවෙන් බවත් එය කොළඹ නගරයේ අනාගත ගංවතුර අවධානම අවම කරනු ඇති බවත්ය.

Read more

Local News