ෆොන්සේකා එජාපය තුළ කණිෂ්ඨයෙක්

Share

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවැරදිම තීන්දුව ගනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සියයට සියයක්ම එකඟ වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම බන්දේසියක තබා ලබා දෙන අපේක්ෂකත්වයට වඩා සංවාද විසංවාද අතරින් ජනතා අරගලයෙන් ලබා ගන්නා අපේක්ෂකත්වය විශාල ජයග්‍රහණයකට පාර සකසන බවත් නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂය තුළ කණිෂ්ඨයෙක් මෙන්ම දේශපාලනය තුළ අත්දැකීම් අවම කෙනෙක් බවත් ඒ බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් සිටින බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය.

එසේම ෆොන්සේකා මහතා මේ දිනවල සිදු කරන ප්‍රකාශ ද එතරම් සැළකිය යුතු නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News