ඉදිරි වසර පහ තුළ දෙගුණයක සංවර්ධනයක්

Share

දැනට රට තුළ සිදුවන සංවර්ධනය මෙන් දෙගුණයක සංවර්ධනයක් ඉදිරි වසර පහ තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ (06) පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

පසුගිය වසර හතරක කාලය තුළ ගමේ සංවර්ධනයට වියදම් කළ මුදල් ප්‍රමාණය මෙරට ඉතිහාසයේ කවුරුත් වියදම් කරලා නෑ. අවමය හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 50ක්වත් ලැබිලා තියනවා.

යුද්ධය නිසා විනාශ වුණු රටට යුද්ධය අවසන් කරලා මුදල් සංවර්ධනයට යෙදෙව්වා. ගම තුළට යන සංවර්ධනයක් ක්‍රියාත්මක කළා. විවෘත කරන්න බැරි තරම් ගොඩනැඟිලි. ඒ තරමට සංවර්ධනය කරලා තියෙනවා

කෑගහන්නේ බෙර ගහන්නේ නැහැ. කොහොමහරි වැඩේ කරලා තියෙන්නේ. ඊළඟ වසර පහේදී දෙගුණයක සංවර්ධනයක්. වෙන කාටවත් මේක කරන්න බැහැ.

Read more

Local News