තහනම් දැල් යොදා මසුන් ඇල්ලූ 2ක් අත්අඩංගුවට

Share

තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ දම්වැල් බෝගොඩ වැවේ තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් තහනම් දැල් යොදා දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ වැව් ආශ්‍රිතව මෙලෙස මසුන් අල්ලා ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24 සහ 35 යන වයස් වල පසුවන්නන් වෙයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News