ටිපර් රථයක් ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මොරගස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් හා පානීය ජලය ප්‍රවාහනය කරමින් සිටි කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් ලොරි රථයේ රියදුරු මිය ගොස් ඇත.

ඊයේ (06) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ සහායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර නැමැති වයස අවුරුදු 29ක් වු අයෙකි.

ටිපර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඔහු අද (07) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හබරණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News