රනිල් සජිත් අතර සාකච්ඡාවක් හෙට

Share

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් හෙට (08) පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙයි.

හෙට උදෑසන 09.00ට අරලියගහ මන්දිරයේදී මෙම සාක්ච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම අපේකෂකයින්ද මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටියි.

Read more

Local News