මල්වත්තාවල රක්ෂිතයේ ගින්නක් – අක්කර 100ක් විනාශයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්වත්තාවල රක්ෂිතයේ ඊයේ (08) දහවල් හටගත් ගින්න ඊයේ රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට යුද හමුදාව සමත් විය.

මෙම ගින්න ඊයේ දහවල් කාලයේ සිට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම නිසා රක්ෂිතයේ අක්කර සීයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පසුව මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය විසින් යුද හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව කුඹුක්කන එකසිය විසි එක් වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා භට කණ්ඩායමක් පැමිණ ගින්න ඊයේ රාත්‍රි වන විට සම්පූර්ණයෙන්ම පාලනය කීරීමට සමත් විය.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ අතර කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වැල්ලවාය පොලිසිය සැකපල කරයි.

Read more

Local News