බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම ජනපති කොමිසම හමුවට

Share

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (09) පෙරවරුවේ පෙනී සිට ඇත.

මහපොළ භාරකාර මණ්ඩලයේ සිදුවු මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍යවරයා කොමිසම හමුවට ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් විමර්ශනයට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් කොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ අනුව නැවත ලබන 17 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Read more

Local News