නීති විරෝධී ව්‍යාපාර කටයුතුවල නිරත වු දෙදෙනෙක් නාවික හමුදා බාරයට

Share

ත්‍රිකුණාමලය, ලංකා පටුන ප්‍රදේශයේදී ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව ඊයේ (08) දින කළ විශේෂ සෝදිසි කිරීමකදී මෙම දෙදෙනා නාවික හමුදා බාරයට ගෙන තිබේ.

සංචාරක විසා මඟින් මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයින් දෙදෙ‍නා නීති විරෝධී ලෙස ලංකා පටුන ප්‍ර‍දේශයේ රෙදිපිළි අලෙවි කරමින් සිටි තිබෙන බවට වාර්තා වෙයි.

ඔවුන් ලඟ තිබී අලෙවි කරමින් තිබූ සල්වාර් 41 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් සහ සල්වාර් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ලංකාපටුන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

Read more

Local News