කතානායක කරූ සහ සෞදි ආරබියානු කථානායක අතර හමුවක්

Share

සෞදි ආරාබි කතානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රහිම් අල් ෂෙයික් මහතා ප්‍රමුඛ දූත පිරිස කතානායක කරූ ජයසූරිය මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09) හමුවුණි.

සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සෞදියේ රැකියා අවස්ථා ඉදිරියේදී පුළුල් කරන දෙන ලෙසත් දක්ෂ පුහුණු ශ්‍රමිකයන් එරටට එවීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් කතානායක කරූ ජයසූරිය මහතා සෞදි කතානායකවරයාට පවසා ඇත.

දෙරටේ කතානායකවරුන් දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්ව සිටියේය.

Read more

Local News