තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

බුලත්සිංහල පොලිස් වසමේ පරගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද (09) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පරගොඩ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.

බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News