රනිල් සහ සජිත් අතර විශේෂ සාකච්ඡාව අද

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා විය.

Read more

Local News