මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ 7කට උපදෙස්

Share

ගැටලුකාරි තත්ත්වයන් පවතින පිළිගත් දේශපාලන පක්ෂ 7කට ඉදිරි මාස 3 ඇතුළත සිය පක්ෂයේ ගැටලු විසඳා ගැනීමට පියවර ගන්නනැයි, මැතිවරණ කොමිසම උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ, ඊයේ දිනයේදී එම පක්ෂවල නියොජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා මෙම උපදෙස් ලබා දුන් බවයි.

ඇතැම් පක්ෂවල හිමිකාරීත්වය තීරණය කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොම් වීම, පාර්ශව කිහිපයක් පක්ෂයට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම, ලේකම්වරු කිහිප දෙනකු එකම පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීම ආදි ගැටලුකාරි තත්ත්වයන් මෙම පක්ෂ සම්බන්ධයෙන් පවතින බව සඳහන් ය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය,ලිබරල් පක්ෂය, ප්‍රජාතන්තවාදි පෙරමුණ ඇතුළු පක්ෂ 7ක මෙම ගැටලුකාරී තත්ත්වය පවතින බව සඳහන් ය.

ඉදිරි මාස තුන ඇතුළත සිය පක්ෂයේ ගැටලුකාරි තත්වය විසඳා ගැනීමට පියවර නොගන්නේ නම් එවා මෙරට පිළිගත් ලියාපංදිචි දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මේරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 70ක් පවතින බවයි.

Read more

Local News