සමහර කාලවලදී අධ්‍යාපනය දේශපාලනීකරණය වු බව තලතා කියයි

Share

අකමැත්තෙන් වුණත් කියන්න ඕන සමහර කාලවලදී අධ්‍යාපනය දේශපාලනීකරණය වුණා, පසුගිය කාලය තුළ රටේ නීතිය විනාශ කරලා දැම්මා, නීතිය තිබුණේ දේශපාලන බලවතාගේ අවශ්‍යතාවය අනුව බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

අධ්‍යාපනයට කැපවීම් කරන ගුරු භවතුන්ගේ උසස්වීම් මාරුවීම් මේ හැම ඒ කාලයේ වුනේ දේශපාලන අවශ්‍යතා අනුවයි, අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් අද අපි සම්පුර්ණයෙන්ම නිර්දේශපාලණිකරණය වෙලා තියෙනවා.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් විවෘත කිරීම යටතේ රත්නපුර කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමිනි.

අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපේ අධ්‍යාපනය හොද මට්ටමක තිබුණා මම අකමැත්තෙන් වුණත් කියන්න ඕන සමහර කාලවලදී මේ අධ්‍යාපනය දේශපාලනීකරණය වුණා. අධ්‍යාපනයට කැපවීම් කරන ගුරු භවතුන්ගේ උසස්වීම් මාරුවීම් මේ හැම දෙයක්ම පසුගිය කාලයේ වුනේ දේශපාලන අවශ්‍යතා අනුවයි. අද අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් අද අපි සම්පුර්ණයෙන්ම නිර්දේශපාලණිකරණය වෙලා තියෙනවා. කිසිම ආකාරයක උසස්වීම් මාරුවීම් ගන්න අපේ ලැයිස්තුවල ඉන්න ඕන නැහැ. සුදුසු මනුස්සයාට සුදුසු තැන ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. අද සමහර අයට අමතක වෙලා තියෙනවා ඒ වගේ යුගයක් මේ රටේ තිබුණා කියලා. අපි හැම පාසලකටම උපරිම ආකාරයේ පහසුකම් ලබා දෙනවා.”

Read more

Local News