කසල තේ කිලෝ 18000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිළධාරීන් වත්තල ශ‍්‍රී වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
කසල තේ තොගය පෞද්ගලික සමාගමක ගබඩාවක තිබී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 50 හැවිරිදි වෙලම්බඩ ප‍්‍රදේශයේ පදිංචි ගබඩා භාරකරු ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මුදාහැර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.