පළාත් පාලන ආයතනවල වරිපනම් බදු අයකරගැනීමේ දී කාර්යක්ෂම වැඩපිළිවෙලක්

Share

පළාත් පාලන ආයතනවල වරිපනම් බදු අයකරගැනීමේ දී ඒ සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍ය බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අද (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභපතිවරයා මෙසේ පැවසීය.

රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ණය ආපසු අයකරගැනීමේ දී ගැටළු පැනනගින් බව කී අමාත්‍යවරයා, ස්ථාන මාරුවීම්, විදෙස් ගතවීම්, වැඩතහනමට ලක්වීම් ඊට මූලික හේතු වී ඇතැයි ද ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවද පැවසීය.

ආයතන 35ක රාජ්‍ය ගිණුම් ඉදිරිපත් කර ඇත. එහි විශේෂ නිරීක්ෂණ 16ක් ද නිගමනයන් හා නිරීක්ෂණ 256ක් ද පොදු නිරීක්ෂණ ද ඇතුළත් කර ඇත.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

Read more

Local News