විදෙස් සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවයි

Share

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවීම් සිදු කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ප‍්‍රකාශ කළේ මෙම ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලංකාවට වාසි රැසක් දැනටමත් අත්වී තිබෙන බවයි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ විවෘත කර අදට (11) වසරක් සපිරෙයි.

Read more

Local News