බිනර පුන් පොහෝ දිනය අදයි

Share

භික්ෂූණි ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි(12).

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.

ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි. වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

Read more

Local News