දොම්පේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

දොම්පේ පොලිස් වසමේ දෙකටන මල්වාන අතුරු මාර්ගයේ කළුකොදයාව හංදිය අසල දී සිදුවු අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මල්වාන දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පාසල් සිසුවෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු සිසුවා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 8 ක් වු කොලුකොදයාව, මල්වාන ලිපිනයේ පදිංචි කලුදුරගේ විරාජ් විජේවික්‍රම යන දරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.