ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව සබඳතා තවදුරටත් ශක්තිමත් විය යුතුයි – රාජිත

Share

ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය සංවිධානය කළ ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව හමුව ඊයේ (13) කොළඹ පුද්ගලික හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එම උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා ඉතිහාසයේ සිට පැවැති ඉන්දු ශ්‍රී ලංකා මිතුදම පිළිබඳව කරුණූ පැහැදිලි කරන ලදි.

උත්සව සභාව අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වසර 2500 කට පෙර විජය කුමරුගේ පැමිණිමත් සමඟ ඉන්දූ ශ්‍රී ලංකා සබධතා තර වූ බවයි. ඉන්දු ශ්‍රී ලංකා සබධතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

එසේම ඒ හා බැදුණු සංස්කෘතික, කලා සහ වෙන් ශිල්පීය ක්‍රමයන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුන බව ද සඳහන් කරන ලදි.

දකුණූ ඉන්දීය රජ කුමාරවරු යුධ වැදී සිටින විට ශ්‍රී ලංකාවෙන් සහාය ලබාගෙන ඇති බවට ඉතිහාසයේ සඳහන් බවත්, එලෙසම ශ්‍රී ලංකාවේ රජකුමාරවරු යුධ වැදී සිටින අවස්ථාවල ඉන්දියාවේ සහාය ලබාගෙන ඇති බවටත් ඉතිහාසය සාක්ෂි දරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමේ සටනේ දී ශ්‍රී ලංකාව ඉන්දීයාව සමඟ සමීපව කටයුතු කළ බවත්, විශේෂයෙන්ම ඉන්දීය නිදහස් සටනේ නායකයින් වූ මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරු වැනි නායකින් සමඟ එකළ ඩි.එස් සේනානායක මහතා සමීප සබධතා පවත්වා ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව තුල දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ද ආචාර්ය කොල්වින් ආර්. සිල්වා මහතා මැදිහත්ව කටයුතු කළ බව ද අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඉන්දීයාව ශ්‍රී ලංකාව සමඟ පවත්වන සමීප සබධතා තවදුරටත් ශකිත්මත් කර ගත යුතු බව ද සෞඛ්‍ යඅමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙම උත්සව අවස්ථාව සංවිධානය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කරන ලදි.

Read more

Local News