රාගම දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Share

රාගම, හුණූපිටිය ශාන්ත මරියා වෛද්‍ය මධ්‍යස්ථානය අසලදී ඊයේ (13) රාත්‍රී 7.00 ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් පදික මාරුවක් මත ගමන්කළ පුද්ගයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

බරපතල තුවාල ලැබු ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි මඩවල, උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News