ආගමික, සංස්කෘතික අගයන් කෙරෙහි මූලිකත්වය දිය යුතුයි

Share

සිසුන් තම පාසල් අවධිය තුළ ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික අගයන් කෙරෙහි මූලිකත්වය දිය යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

ආණ්ඩුකාරතුමා මේ බව කියා සිටියේ පසුගියදා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලක් සිසු අයිතියට පත් කරන අවස්ථාවේදී.

ශ්‍රී ලංකාව ආසියාව තුළ ඉහළ සාක්ෂරතාවයකින් යුත් රටක් බවත් විවිධ අංශවලින් සිසුන් ශිල්ප දක්වන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.

රජය විසින් සිසුන් හට නිදහස් අධ්‍යාපනය ලබා දෙන බැවින් අධ්‍යාපනය ඉහළ තත්ත්වයක පවතින බවත් රජය විසින් පිරිනමන ලද අධ්‍යාපන ආයතන තුළ ඉගෙන ගන්නා සිසුන් ඔවුන්ගේ වගකීම දන්නා බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News