රට ගොඩනඟන වැඩපිළිවෙල තමන් සතුව තිබෙන බව සජිත් කියයි

Share

ඉදිරියේදී රටතුළ නිර්මාණය විය යුත්තේ පහළම තලයේ ජනතාවගේ අදහස් වලින් පෝෂිතවූ වැඩපිළිවෙළක් බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සසුණට අරුණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් මහා පල්ලියේ නව දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ ඇති ගම්මාන හතලිස් දෙදාහෙන් බහුතරයක් ජනතාව ජීවත් වෙන්නේ දුෂ්කර පරිසරයක බවත් යටිතල පහසුකම් පවතින්නේ ඉතාම අවම වශයෙන් බවත් ඒ මහතා පවසයි.

රටේ දේශපාලන න්‍යාය පත්‍ර, සංවර්ධන න්‍යාය පත්‍ර නිර්මාණය වන විට ආණ්ඩු හෝ පක්ෂ කුමක් හෝ වේවා ජනතාවගේ කැක්කුම හා හදගැස්ම රටේ තීන්දු තීරණ ගන්නා පිරිසට වැටහේද යන්න ගැටලුවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

පහළම තලයේ ජනතාවගේ අදහස්වලින් පෝෂිත වූ රට ගොඩනඟන වැඩපිළිවෙල තමන් සතුව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News