කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බොගවාන වතුවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ලම ජලයෙන් යට වි ඇති බව අප වාර්තාකරු පැවසීය.

පහත්බ්ම් ජලයෙන් යට විම නිසා පහත්බිම් වල ගොවින් විසින් පවත්වාගෙන යන වගා භුමි කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහල යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන්ද කියා සිටියේ.

Read more

Local News