ජොන්ස්ටන්ගේ පෙත්සම ඔක්තොම්බර් 4 දා කැඳවයි

Share

තමාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කර ලෙස ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තොම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අදාල නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 04 වනදා කැඳවන ලෙසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ස.තො.ස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇතියි බව ඒ මහතා කියා සිටින්නේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය ඉල්ලා තිබේ.

Read more

Local News