නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක්, පස් කන්දක් කඩා වැටෙයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රියේ සිට පතිත වන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක් සහ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.

ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ අට්ලිස් ප්‍රදේශයෙන් අද (16) අලුයම 5.00 ට පමණ ගස් දෙක පස් කන්ද කඩා වැටි ඇති බව අප වාර්තාකරු පැවසීය.

ප්‍රධාන මර්ගයට කඩා වැටුණු විශාල ගස් දෙක සහ පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු නෝටන්බ්‍රිජ් පොලිසිය සහ නොර්වුඩ් මාර්ග සංවර්ධන  අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිටිම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා මගින් දැඩි අසිරුතාවයට පත් වි තිබුණි.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙසත්, පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් එම මාර්ගයේ පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටිම නිසා ප්‍රධාන මාර්ගය අභියස වු අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද හානි සිදු වි ඇත.

Read more

Local News