අගමැති යළිත් ජනපති කොමිසමට එයි

Share

අද (16) පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී එම ස්ථානයෙන් පිටවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කොමිසම හමුවට පැමිණ තිබේ.

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සිතාසි අනුව අගමැතිවරයා එම ස්ථානයට පැමිණ ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.

Read more

Local News