වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

Share

මැදවච්චිය, තරණගොල්ලෑව වැව් බැම්ම මත දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙක් අද (17) අළුයම 2.30ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.

වන අලි පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වු පිහිඹිය‍ගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ පදිංචි අයෙකි.

මරණකරු තම සහෝදරයා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී වැව් බැම්ම මත දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ‍මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News