ගාමිණී ජයවික්‍රම අද ජනපති කොමිසම හමුවට

Share

මහපොල භාරකාර අරමුදලේ සිදුවූ මුල්‍ය වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද(17) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

පසුගිය මස 09 වැනිදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කෙසේවෙතත් සාක්ෂි ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන තමන් සතුව නොමැති බව එහිදි අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමක් සිදුකළ අතර ඔහු අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Read more

Local News