සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් නාවික හමුදා බාරයට

Share

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප සීමාවේ මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධනුජි, සුභ පැතුම් 4, ලක්ප්‍රිය දේහි සහ නලින් 10 යන බහුදින ධීවර යාත්‍රාවන් මාලදිවයිනට අයත් මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුණු බවට නිරික්‍ෂණය කර ඇත.

ඒ අනුව, නාවික හමුදාව මඟින් එම ධීවර යාත්‍රා සහ යාත්‍රාවල සිටි පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

මෙහිදී එම ධීවර යාත්‍රාවන් තුල සිදු කළ වැඩිදුර සෝදිසි කිරීමේදී එක් යාත්‍රාවක් තුල තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ තවත් යාත්‍රාවක් තුල තිබි මෝර වරල් තොගයක් සොයා ගැනීමට සමත් විය.

තවද, මෙම යාත්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සබඳතාවයක් තිබේ දැයි සොයා බැලිම සඳහා විමර්ශනය කරමින් සිටින අතර, නාවික හමුදා බාරයට ගන්නා අවස්ථාවේදී මෙම යාත්‍රාවල තිබූ මත්ස්‍ය තොග සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

Read more

Local News