කොප් කමිටුව අද රැස් වෙයි

Share

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කොප් කමිටුව අද රැස්වීමට නියමිතව තිබේ.

අද (17) පස්වරු 2.30 ට පාර්ලිමේන්තුවේ දි කෝප් කමිටුව රැස්වන බව එහිසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේය.

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා එහි නිලධාරීන්, හීරා පදනමේ නිළධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අද දින කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය හා ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් කෝප් කමිටුව හමුවට කැදවා තිබුණි.

Read more

Local News