අකිලගෙන් විශේෂ නිවේදනයක්

Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගත වන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.

උපුටා ගැනීම-

“එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමග සංධාන ගතවන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සංධානයකිනි.

ඒ සංධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය. ඒ එකඟතාවන්ට අනුව අපේක්‍ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්‍ෂයෙනි.

මේ පදනම මත එක්සත් ජාතික පක්‍ෂය මඟින් සුදුසු අපේක්‍ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින්, පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්‍ෂකයා තෝරා ගන්නා බවත්, ඒ තෝරා ගැනීමෙන් පසු සංධානයට අයත් සියලු පාර්ශවයන්ගේත්, අපේ ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව අපේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි.“

Read more

Local News