තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ අයෙක් නාවික හමුදා බාරයට

Share

උඩප්පුව, මුන්දලම කලපු ප්‍රදේශයේදී ඊයේ (16) දින තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් උඩප්පුව, මුන්දලම කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබූ තහනම් දැලක් සහ ලියාපදිංචි නොකළ කුඩා යාත්‍රාවක් සොයාගෙන ඇත.

එම දැල සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News