දෙමටගොඩ ගින්නක්

Share

දෙමටගොඩ පොලිස් වසමේ අංක 71 ආරාමය පිහිටි මහල් නිවසක අද (17) පස්වරු 3.00 ට පමණ ගින්නක් ඇතිව තිබේ.

අදාළ නිවසේ 5 වන මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවට දෙමටටගොඩ පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇත.

දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News