බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ මහතා වඳුරඹ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය දිනයක පැවති සාදයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී රිවෝල්වරයක් පෙන්වා මරණ තර්ජන සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළවයි.

සැකකාර සභාපතිවරයා අද (17) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.