මිලියන 80ක් ජනතාව මරණයට පත්කළ හැකි වෛරසයක්

Share

ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ.

“ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශත වර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරණයට පත්විය.

වර්තමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුවහොත් එහි ප්‍රථිපලය භයානක වනු ඇති බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක් ලබා දෙමින් මේ බව සදහන් කර ඇත.

ඉතා වේගයෙන් පැතිරිමේ අවධානමක් ඇති මෙම “ස්පැනිෂ් ෆ්ලු” වෛරසය මගින් ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරිමට, ආර්ථිකයන් කඩාකප්පල් වීමට සහ ජාතික ආරක්ෂාවන් කෙටි කාල සිමාවකින් අස්ථාවර කළ හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ වන විට ලෝකය පුරා පැතිරෙමින් පවතින ඉබෝලා වසංගතය වැනි රෝග පාලනය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග මේවැනි වසංගතයක් නතර කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

Read more

Local News