ඉන්දීය ධීවරයින් 5ක් නාවික හමුදා බාරයට

Share

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (18) දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කරන ලදී.

එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

Read more

Local News