කුණු ප්‍රශ්නයක් නිසා ගැටළු රැසක්

Share

නාවලපිටිය පස්බාග කෝරළය යටතේ පාලනය වන එකම නගරය වනකඩියන්ලෙන නගරයේ දිනපතා එකතු වන කැළි කසළ මහවැලි ගඟට ජලය ගලා බසිනා කොරොක්කන් ඔයට ඉහලින් බැහැර කිරිම නිසා පරිසර ගැටළු රැසක් මතු වි ඇති බව කඩියන්ලෙන ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.

කඩියන්ලෙන නගරයේ එකතු කරන කැළි කසළ දිනපතා නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කඩියන්ලෙන ප්‍රදේශයෙන් කොරොක්කන් ඔයට ඉහලින් කැළි කසළ බැහැර කිරිමට නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොරකමින් කැළි කසළ බැහැර කරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ප්‍රධාන මාර්ගය අභියස වසර 20කට වැඩි කාලයක් මෙසේ කැළි කසළ බැහැර කිරීම නිසා පරිසර ගැටළු රැසක් මතු වි ඇති බවත්, කැළි කසළ බැහැර කරන ස්ථානයට යාබදවම ග්‍රාම සේවා කාර්යයාලය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලය, සංවර්ධන නිලධාරින් කාර්යයාලය සහ පෙර පාසලද තිබෙන බව ප්‍රදේශාවාසින් පවසයි.

කැළි කසළ බැහැර කරන ස්ථානයේ දැඩි දුගන්ධයක් හමන නිසා එම මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට මෙන්ම නගරයේ ආසන්නයේ සිටින ජනාතාවද දැඩි පිඩාවට පත්වි ඇති බව කඩියන්ලෙන ප්‍රදේශවාසින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය පස්බාග කොරලයේ සභාපති ඕ.ජි රෝහණ බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ කඩියන්ලෙන ප්‍රදේශයේ අක්‍රමවත් ලෙස කැළි කසළ බැහැර කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කරන බවයි.

කඩියන්ලෙන ප්‍රදේශයේ එකතු වන නිසි ක්‍රමවේදයක් සහිතව ප්‍රතිචක්‍රිකරණය කිරිම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක් හඳුනාගෙන ඇති බවත්, එම ඉඩම ප්‍රාදේශිය සභාවට පවරා ගැනිම සම්බන්ධයෙන් මේ වන විටකටයුතු කරමින් සිටින බවයි.

එම ඉඩම ප්‍රාදේශිය සභාවට පවරා ගැනිමෙන් අනතුරුව කඩියන්ලෙන ප්‍රදේශයේ කසළ බැහැර කිරිමට නතර කිරිමට පියවර ගන්නා බවද පස්බාග කෝරළ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියි.

Read more

Local News