කොළඹ මාදම්පිටිය පොදුසුසන භුමිය අසලදී ආනමාලු රංග සහ මෙහොමඩ් ඉම්රාන් නැමති පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා කපා කොටා ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුඩු රොෂාන් ඇතුලු සැකකරුවන් 13 දෙනා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචානා නෙරංජනා ද සිල්වා මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
එම සැකකරුවන්ගේ හදුනාගැනීමේ පෙරට්ටුවක් අද පැවැත්වීමට නියමිතව තිබුනද එය කල්දැමීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.