තුර්කියේ සම් භාණ්ඩ කර්මාන්ත ශාලාවක පිපිරීමක්

Share

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා ඇත.

පිපිරීමත් සමග එහි විශාල ගින්නක්ද හටගෙන තිබුණි.

ඉස්තාන්බුල් හි ටුස්ලා ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ කර්මාන්තශාලාවක පිපිරීම සිදුව තිබුණි.

පිපිරීමත් සමඟ ලෝහ කොටස් ගුවනට විසිවන අයුරු කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි.

පිපිරීම හේතුවෙන් කර්මාන්තශාලාවේ දැවැන්ත ගින්නක්ද හටගෙන ඇත.

ගින්න සමඟ ප්‍රදේශය පුරා ඝන දුමාරයක්ද පැතිර ගොස් තිබුණි.

එහි ගබඩාවල ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් තවදුරටත් පිපිරීම් සිදුවිය හැකි බවයි බලධාරීන් පවසයි.

සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවත සඳහන්.

මේ අතර අවදානම් තත්ත්වය හේතුවෙන් අවට වෙසෙන පිරිස් ආරක්ෂිත ස්ථානවලට යැවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Read more

Local News