විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20ක් සේවයට

Share

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු 20 දෙනකු ඊයේ දිනයේ සේවයට වාර්තා කළ බවත්, මේ වනවිට විශ්‍රාමිකයන් 25 දෙනකු පමණ සේවයට පැමිණ ඇති අතර එසේ පැමිණි අය කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගන්නා බවද අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

මෙයින් 10 දෙනකුට පත්වීම් ලිපි දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) දිනයේ නිකුත්කොට ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සේවයට බඳවාගැනීම ආරම්භ කළද එම බඳවාගැනීම් අදින් (13) අවසන් වෙයි. දැනට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරු නියාමක රාජකාරියද කිරීමට කැමැත්ත පළකොට ඇත.

 

Read more

Local News