එජාපෙ පක්ෂ නායක රැස්වීමක් අද

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද (20) දිනයේද පැවත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අද පස්වරු 05.00ට අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News